|
2009 පෙබරවාරි 14 වෙනි සෙනසුරාදා, 14:07 |
|
අපි ගැන ආයුබෝවන් ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිත ආයතනය lankapuvath.lk යනු ශ්‍රී ලංකාව තුල නිරන්තරයෙන්ම සිදුවන අලුත්ම තොරතුරු එකතුවකි. ලංකාපුවත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යන ආයතන හා සමගාමීව ක්‍රියාත්මක වන ආයතනයකි. අපේ වගතුග.... ලංකාපුවත් ශ්‍රී ලංකාවේ එකම ප්‍රවෘත්ති නියෝජිත ආයතනයයි. මෙම ජාලය ඉහත සඳහන් ආයතන පහ මෙන්ම අනෙකුත් ප්‍රවෘත්ති පත්‍ර සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ප්‍රවෘත්ති එක්රැස් කිරීම සහ බෙදා හැරීම සිදු කරයි. මෙහි කොටස් කරුවන් වන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) වේ. ඉහත ආයතන වල සභාපතිවරුන්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් ආයතනය පාලනය වේ.
1978 දි යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ අදහසක් අනුව මෙම ආයතනය ස්ථාපිත කරන ලදී. වසර විසිපහක් පුරා රටවල් තිහකට වැඩි සංඛ්‍යාවක් සමග සම්බන්ධ වෙමින් දේශීය මෙන්ම විදේශීය ප්‍රවෘත්ති වාර්තාකරණයේ අපි පුරෝගාමියෝ වෙමු. ලංකාපුවත්, ආසියා ශාන්තිකර ප්‍රවෘත්ති ඒජන්සියේ (OANA Pool) සාමාජිකත්වය ලද ප්‍රවෘත්ති නියෝජිත ආයතනයක් ද වේ.
ලංකාපුවත්, අපේ මුලික පරමාර්ථය වන්නේ දේශීය පුවත් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යන් වෙත ලබාදිම මෙන්ම විදේශීය පුවත් දේශීය මාධ්‍යයන් වෙත ලබා දීමයි. ඒ සඳහා අවශ්‍ය හැකියාවන් ගෙන් අපි පරිපූර්ණව සිටිමු.
තවද ලංකාපුවත් තම ප්‍රවෘත්ති අන්තර්ජාලය, රූපවාහිනී සහ කෙටි පණිවිඩ ලෙස ජංගම දුරකථන හරහා විකාශනය කරයි. මෙමගින් ජනතාවගේ ප්‍රවෘත්ති පිපාසය සංසිඳවීමට අපි පෙළගැසී සිටින්නෙමු. ලංකාපුවත් තම කීර්ති නාමය, විශ්වාසනීයත්වය, දේශීය මෙන්ම විදේශීය වශයෙන් තහවුරු කරගෙන ඇති අතර දැනටමත් මිලියන 4කට වඩා ග්‍රාහකයන් අප සමඟ සම්බන්ධ වී සිටී.
lankapuvath.lk හි වෙළඳ දැන්විම් පළ කිරිමට...
අපට දුරකථන පණිවිඩයක් මගින් දන්වන්න. අපේ නියෝජිතයකු ඔබට අවශ්‍ය විස්තර ලබා දිමට සූදානමින් සිටී.
අප අමතන්න... අපි ඔබගේ අදහස් සහ යෝජනා වලට සවන් දිමට කැමැත්තෙමු. ඔබගේ යෝජනා සහ අදහස් අපගේ “ඇමතීම” හරහා යොමු කරන්න.
|
|
අවසන් යාවත්කාලීන කිරීම ( 2009 පෙබරවාරි 14 වෙනි සෙනසුරාදා, 14:23 )
|