බැනරය
බැනරය
නවතම පුවත්


ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට තිබූ බාධා ඉවත්වෙනවා - ඇමති බැසිල් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 සැප්තැම්බර් 08 වෙනි බදාදා, 12:27

(කොළඹ, ලංකාපුවත්) ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා යම් බාධාවක් තිබේ නම් එය ඉවත් කිරීම සඳහා 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කිරීම සඳහා බාධාවක් තිබේ නම් එය ඉවත් කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම සංශෝධනය තුළින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණිමට හැකියාව ලැබේ. ඒ තුළින් පාර්ලිමේන්තුව ශක්තිමත් වන බව අමාත්‍යවරයා පෙන්වාදෙනු ලැබීය. එසේම මේ මගින් 17 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තිබූ බාධාවද ඉවත්වන බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

පිටුව 1 / 6838

Ads

wap

Ads