බැනරය
බැනරය
උතුරු වසන්තය
උතුරු නැගෙනහිර පළාත් ග‍්‍රාමීය හා කුඩා නගර සංවර්ධන ව්‍යාපෘතිය වසර 3කින් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 සැප්තැම්බර් 09 වෙනි බ්‍රහස්පතින්දා, 17:07

(කොළඹ, ලංකාපුවත්) – උතුරු නැගෙනහිර පළාත් සඳහා වූ ගම නැගුම - ග‍්‍රාමීය හා කුඩා නගර සංවර්ධන ව්‍යාපෘතිය 2010 සිට වසර 3 කාලයක් තුළ කි‍්‍රයාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබුණු කැබිනට් පත්‍රිකාවකට මෙලෙස එකඟතාව ලැබී ඇත. 

මුලූ පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 86ක් වූ මෙම ව්‍යාපෘතියට ජාත්‍යන්තර සංවර්ධන සංවිධානයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් හා ශී‍්‍ර ලංකා රජය මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 34 හා ප‍්‍රජා දායකත්වය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් යොදවනු ලැබේ.

ජාත්‍යන්තර සංවර්ධන සංවිධානය සමඟ වූ අදාල ණය ගිවිසුම් ඉදිරියේ දී අත්සන් කිරීමට නියමිතය. 

එමෙන්ම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේම යෝජනාවක් මත ඇමෙරිකානු ඩොලර් මිලියන 278ක වියදමින් ගාල්ල මධ්‍යම බස් නැවතුම්පළ හා ඒ අවට පහසුකම් වැඩි දියුණු කිරීමට අනුමැතිය හිමිව තිබේ.

එම අමාත්‍යාංශයේ ම තවත් යෝජනාවක් මත පේරාදේණිය උද්භිද උද්‍යානයේ නැරඹීමේ පහසුකම් වැඩි දියුණු කෙරේ. එම පොදු පහසුකම්වලට අමතර ව සමරු භාණ්ඩ අලෙවි සැලක් ද ඉතා ඉක්මනින් ඉදි කෙරේ.
 

 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

පිටුව 1 / 86

Ads

wap

Ads