බැනරය
බැනරය
ආරක්ෂක
දෙරටේ ආරක්ෂක සහයෝගීතාවය ගැන ජනපති හා ඉන්දීය යුද හමුදාපති අතර සාකච්ඡා පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 සැප්තැම්බර් 06 වෙනි සදුදා, 16:13

(කොළඹ-ලංකාපුවත්) ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් විජය කුමාර් සිං මහතා හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරියේදී පැවැත්විණි.

ඉන්දීය යුද හමුදාපතිවරයා මෙහිදී ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය.

දෙරට අතර පවත්නා ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම සිං මහතාගේ පස් ‍දින ශ්‍රී ලංකා නිළ සංචාරයේ අරමුණයි.

ඉන්දීය යුද හමුදාපතිවරයා අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර උතුරේ සංචාරය කිරීමටද බලාපොරොත්තු වේ.
 

 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

පිටුව 1 / 1574

Ads

wap

Ads