|
ව්‍යවස්‌ථා සංශෝධනයට සහායවන එ. ජා. ප. මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව |
|
|
|
|
2010 සැප්තැම්බර් 08 වෙනි බදාදා, 09:00 |
|
(කොළඹ, ලංකාපුවත්) යෝජිත 18 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයට සහාය ලබාදෙන එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ පූර්ණ ආරක්‍ෂාව රජය බාර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
එසේම එම මන්ත්‍රීවරුන් නියෝජනය කරන පක්‍ෂ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සඳහා සහාය ලබාදෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
තවද රටේ සංවර්ධනයට, පරිපාලනයේ අඩුපාඩු සකසා ගැනීමට, දේශපාලන ස්‌ථාවරත්වයක් ගොඩනැඟීමට මෙම සංශෝධනයෙන් අවස්ථාව උදාවන බවත් ඒ මහතා ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේය.
|