බැනරය
බැනරය
අධිකරණ තීන්දු
ධනූන නොමැතිව නඩුව ඉදිරියට ගෙන යෑමට අවසර පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 අගෝස්තු 30 වෙනි සදුදා, 15:10

(කොළඹ-ලංකාපුවත්) අධිකරණයේ විභාග වෙමින් පවතික හයිකොප් මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව එහි ප්‍රධාන විත්තිකරු වන ධනුන තිලකරත්න මහතා නොමැතිව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය අවසර ලබාදී තිබේ.

අදාළ නඩුව අද (30) කැඳවූ අවස්ථාවේ නිතිපතිවරයා විසින් ධනුන තිලකරත්න මහතා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියා මාර්ගය පිළිබඳව රහස් පොලිසියේ නිලධාරීන්ගේ හා ප්‍රදේශය බාර ග්‍රාම‍ සේවා නිලධාරීන්ගේ සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව එම සාක්ෂි පරීක්ෂා කළ මහාධිකරණ විනිසුරුවරයා ධනුන තිලකරත්න මහතා නොමැතිව නඩුව විභාග කිරීම සඳහා අවසර දී ඇත.

එසේම තිලකරත්න මහතා දිවයිනෙන් පිටව යාමට උත්සාහ කළොත් හෝ දිවයිනට පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන මෙන් දන්වා ආගමන හා විගමන පාලකවරයා වෙත අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කර ඇත.

 

අවසන් යාවත්කාලීන කිරීම ( 2010 අගෝස්තු 30 වෙනි සදුදා, 15:26 )
 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

පිටුව 1 / 156

Ads

wap

Ads