|
ඉන්දීය යුද හමුදාපති ආර්යාව ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසයි |
|
|
|
|
2010 සැප්තැම්බර් 07 වෙනි අඟහරුවාදා, 12:51 |
|
(කොළඹ-ලංකාපුවත්) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය යුද හමුදාපතිවරයාගේ බිරිඳ වන ඉන්දීය යුද හමුදා බිරින්දෑවරුන්ගේ සංගමයේ සභාපතිනී භාරතී සිං මහත්මිය තුවාල ලබා ආබාධිත තත්වයට පත්ව සිටින රණවිරුවන් පුනරුත්ථාපනය කිරීමේ කටයුතු සිදු කෙරෙන රාගම රණවිරු සෙවණේ ඊයේ (06) දින, සංචාරයක නිරත විය.
භාරතී සිං මහත්මියගේ ප්‍රධානත්වයෙන් රණවිරු සෙවනේ සිටින ආබාධිත රණවිරුවන් වෙත ත්‍යාග පාර්සල් බෙදාදීමද සිදු කෙරිණි.
භාරතී මහත්මිය ඇතුළු පිරිස මෙම මධ්‍යස්ථානයේ පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ භෞතික චිකිත්සක අංශය යන අංශද නිරීක්ෂණය කළේය. |