බැනරය
බැනරය
විදෙස් විත්ති
ගල් ගසා මරා දැමීමට අමතරව තවත් දඬුවමක් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 සැප්තැම්බර් 05 වෙනි ඉරිදා, 13:45

(කොළඹ-ලංකාපුවත්) කාමමිථ්‍යාචාරයේ හැසිරීමේ වරදට ගල් ගසා මරණයට නියම වූ ඉරාන ජාතික සාකිනි මොහම්මදි අශ්තියානි නම් කාන්තාව  අශෝභන ලෙස හැසිරීමේ වරදට නැවතත් කස පහර ලැබීමට නියමිත බව ඇයගේ පුතා සඳහන් කරයි.

මෙම දඬුවමට එරෙහිව අශ්තියානිගේ පවුලේ අය නීතිමය පියවර ගැනීමට යන බව  ත් විදෙස් මාධ්‍ය සදහන් කරයි. තම සැමියාගේ මරණයෙන් පසුව පුද්ගලයන් දෙදෙනෙකු සමග සබඳතා පැවැත්විමේ වරදට ඇයට 2006 වසරේ දී කස පහර 99 ක දඬුවමක් ලබා දුණි. අනතුරුව සැප්තැම්බර් මස පැවති නඩු විභාගයක දී සැමියා ජීවත් ව සිටිය දී කාම මිථ්‍යාචාරය හැසිරීමේ  වරදට ඇයට ගල් ගසා මරා දැමීමට නියම කෙරිණී.

අශ්තියානි හිස්වැස්ම (හිජාබ්) නොමැතිව පෙනී සිටින ඡායාරූපයක් ටයිම්ස් පුවත්පතේ  පළ වීමෙන් පසුව ඉරාන බලධාරින් ඇය‍ට මෙම දඬුවම නියම කර තිබේ. පසුව ටයිම්ස් පුවත්පත නිවැරදි කිරීමක් කරමින් සඳහන් කර තිබුණේ එම ඡායාරූපය වෙනත් ඉරාන ජාතික කාන්තාවකගේ  බවයි.

අන්තර්ජාතික විරෝධතා එල්ල වීමෙන් පසු අශ්තානිට ගල්ගසා මැරීම තාවකාලිකව නැවතීමට ඉරාන බලධාරීන් කටයුතු කොට තිබුණී. ඇයට එරෙහි මරණ දඬුවම බොහෝ දුරට එල්ලා මැරීමෙන් සිදු කිරීමට ඉඩ ඇති බවට වාර්තා වේ.

අගොස්තු 28 දින ටයිම්ස් පුවත්පතේ අශ්තියානි‍ නමින් පළ වූ ඡායාරූපය ඇයගේ නීතිඥයන්ගෙන් කෙනෙකු ලබා දුන් ඡායාරූපයක් බව පුවත්පත සඳහන් කොට තිබේ.

ඇයගේ නීතිඥවරයා එය තමාට ලැබුණේ ඇයගේ පුතාගෙන් යයි කරන ප්‍රකාශය අශ්තියානිගේ පුත් මොහොමඩ් මොස්තාෆි ප්‍රතික්ෂේප කරයි.
තම මවට එරෙහි මෙම දඬුවම ක්‍රියාත්මක නොකරනු ඇතැයි  තමා විශ්වාසය පළ කරන බව මොහොමඩ් සදහන් කරයි.කෙසේ නමුත් තම පවුලට සහ නීතිඥවරයාට‍ සති දෙකක පටන් අශ්තියානි හමු වීමට ඉඩ දි නැති බවත් දුරකථන ඇමතුම් ලබා ගැනීමට ද හැකියාවක් නොමැති බව ඔහු සඳහන් කරයි.

 

අවසන් යාවත්කාලීන කිරීම ( 2010 සැප්තැම්බර් 05 වෙනි ඉරිදා, 13:52 )
 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

පිටුව 1 / 497

Ads

wap

Ads