|
ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය බොල්ගොඩ වැවේදි |
|
|
|
|
2010 සැප්තැම්බර් 07 වෙනි අඟහරුවාදා, 14:49 |
|
(කොළඹ, ලංකාපුවත්) ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය හෙට (08) සිට ලබන 11 වැනිදා දක්වා බොල්ගොඩ වැවේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ඔරු පදින්නන්ගේ සංගමය මෙහෙයවන මෙම තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300 දෙනෙකු පමණ සහභාගී වීමට නියමිතය. ඔරු පැදීමේ සංගමය යටතේ ඇති ක්‍රීඩා සමාජ, ආරක්ෂක සේවා කණ්ඩායම්, විශ්ව විද්‍යාල හා පාසල් කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගි වෙති.
මෙහිදි අවුරුදු 16න් පහළ, 19න් පහළ 19න් ඉහළ හා විවෘත අංශ යටතේ තරග ඉසව් පැවැත්වීමට කටයුතු යොදා ඇත. |