|
මෙරට දැවැන්තම තරුපහේ හෝටල් සංකීර්ණය කල්පිටියේ |
|
|
|
|
2010 සැප්තැම්බර් 04 වෙනි සෙනසුරාදා, 12:06 |
|
(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ විශාලතම තරු 05 හෝටල් සංකීර්ණය කල්පිටියේ දී ඉදිවේ.
එම ප්‍රදේශය තුළ ජෛව විවිධත්වය ආරක්ෂා වන අයුරින් අදාළ හෝටල් සංකීර්ණය ඉදි කෙරෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
අදාළ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2,200ක් වියදම් කෙරේ. එය මාස 30ක් ඇතුළත නිමි කිරීමට ද නියමිතය.
කාමර 150කින් යුක්ත මෙය දිවයිනේ විශාලතම හෝටල් සංකීර්ණය වනු ඇති බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
අදාළ ව්‍යාපෘතියේ ඉදි කිරීම් සඳහා කියුබා ලංකා ආයතනය සහ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර ගිවිසුම් අත්සන් කිරීමද සිදුවිය. |
|
අවසන් යාවත්කාලීන කිරීම ( 2010 සැප්තැම්බර් 04 වෙනි සෙනසුරාදා, 13:27 )
|