බැනරය
බැනරය
ව්‍යාපාරික
ආනයනික අර්තාපල් සඳහා බද්දක් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 අගෝස්තු 24 වෙනි අඟහරුවාදා, 11:32

(කොළඹ, ලංකාපුවත්) වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනය කරන අර්තාපල් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් තිහක බද්දක් පනවන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාට නියෝග කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික් අර්තාපල් ගොවීන් පිරිසක් සමග වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (23) සවස මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමන් මුණගැසීමෙන් අනතුරුව දේශීය අර්තාපල් ගොවීන් මුහුණපාන ගැටලු ඉදිරිපත් කරන ලදී.

මේ අනුව දේශීය අර්තාපල් ගොවීන් ආරක්ෂා කරනු පිණිස ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.

අවසන් යාවත්කාලීන කිරීම ( 2010 අගෝස්තු 24 වෙනි අඟහරුවාදා, 13:40 )
 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

පිටුව 10 / 295

Ads

wap

Ads