|
වාර්තාගත සංචාරක පැමිණීමක බලාපොරොත්තුවක් මේ වසරේ දී |
|
|
|
|
2010 අගෝස්තු 26 වෙනි බ්‍රහස්පතින්දා, 12:29 |
|
(කොළඹ, ලංකාපුවත්) – 2010 වසරේ වාර්තාගත විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණේයැයි අපේක්‍ෂා කරනු ලබන බව රජය පවසයි.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරනුයේ පසුගිය 2009 වසරේ ජනවාරි සිට මැයි අවසානය දක්වා පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 157,495ක් බවය. එහෙත් 2010 වසරේ එම කාල පරිච්ජේදය තුළ පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 233,922කි. එය සියයට 48.5ක වැඩිවීමක් ලෙස හැදින්විය හැති බව නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වූ ක්‍රියාමාර්ගයන් ගැනීමට දැනටමත් රජය කටයුතු කර තිබේ. කුඩා පරිමාණ හෝටල් ඉදි කිරීමටත්, ගුවන් තොටුපලවල් වැඩිදියුණු කිරීම, සත්වෝද්‍යානවල, උද්භිත උද්‍යානවවල හා අභයභූමිවල පහසුකම් වැඩි කිරීමට දැනටමත් කටයුතු කර ඇත.
අබේවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ සියලුම රජයේ ආයතන සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමට අවසර ලබාදීමට නීති රීති සම්පාදනය වෙමින් පවතින බවය.
එමගින් විදේශිය සංචාරකයින්ට එම රටවලම සිට හෝටල් කාමර වෙන් කරවාගැනීම්, ටිකට්පත් මිලදී ගැනීමේ කටයුතු සිදුකර ගැනීමට හැකියාව ලැබේ. එසේම මුදල් භාවිතයකින් තොරව තම කටයුතු බොහෝමයක් ඉටු කර ගැනීමට ඉඩ ලැබෙන බැවින් සංචාරකයන්ට එක් ආකාරයකින් එය පහසුවමක් වනු ඇත.
නවාතැන් පහසුකම් විනාශ වී ඇති උතුරු නැගෙනහිර ප්‍රදේශවල අලුතින් හෝටල් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් පැවසූ ලක්‍ෂ්මන් යාපා නියෝජ්‍ය අමාත්‍යවරයා, මීට සමගාමී ලෙසින්ම දේශීය සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමටද රජය පියවර ගෙන ඇතැයි කීය. |
|
අවසන් යාවත්කාලීන කිරීම ( 2010 අගෝස්තු 26 වෙනි බ්‍රහස්පතින්දා, 16:43 )
|