බැනරය
බැනරය
ව්‍යාපාරික
වරාය අධිකාරියේ කාර්යක්ෂමතාවයට ලංකා බැංකුවේ අතහිත පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 අගෝස්තු 27 වෙනි සිකුරාදා, 15:18

(කොළඹ, ලංකාපුවත්) වරාය අධිකාරියට නව යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ලංකා බැංකුව එකඟතාවය පළකර තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහළු පර්යන්තයේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සඳහා සෘජුවම බලපාන යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට නියමිත අතර ඒ සඳහා චීනයේ zpmc සමාගම සමග ගිවිසුමකට එළඹ තිබේ. මෙම සමාගම හරහා ටොන් 50 ධාරිතාවේ STS දොඹකරයක්, ටොන් 41 ධාරිතාවේ STS දොඹකර 2ක්, ටොන් 41 ධාරිතාවේ RTG දොඹකර 24 ක් මිලදී ගැනීමට නියමිතය.

මේ සඳහා ඇමරිකානු ඩොලර් 6,25,12,266ක ණය මුදලක් වරාය අධිකාරියට ලබාදීමට ලංකා බැංකුව ගිවිසුම් ගත විය.

මේ පිළිබඳව අදහස් දක්වන වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බී. වික්‍රම මසහතා පවසා සිටින්නේ, මෙලෙස මහා පරිමාණ ව්‍යාපෘති සඳහා දේශීය වශයෙන් ණය ගැනීම තුළින් එම ආයතනයට මෙන්ම රටටද යහපතක් වන අතර, දේශීය මූල්‍ය වෙළෙඳ පොළ ශක්තිමත්වීම කෙරෙහිද එය හේතු වන බවයි.

මිලියන 04ක් වන ජයබහළු පර්යන්තයේ වාර්ෂික ධාරිතාව මේ අනුව ඉහළ මට්ටමකට පැමිණෙනු ඇති බවත් මේ වන විට zpmc සමාගම විසින් නිෂ්පාදන කටයුතු ආරම්භ කර මෙම යන්ත්‍ර සූත්‍ර ලබන වසර මුල් කාර්තුවේදි කොළඹ වරාය වෙත රැගෙන ඒමට හැකියාව ලැබෙනු ඇති බවත් වරාය අධිකාරිය ප්‍රකාශ කරයි.

 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

පිටුව 8 / 295

Ads

wap

Ads