|
සහන මිලට දියර කිරි පැකැට්ටුවක් |
|
|
|
|
2010 අගෝස්තු 30 වෙනි සදුදා, 15:16 |
|
(කොළඹ, ලංකාපුවත්) ජාතික පශු සම්පත් මණ්ඩලය විසින් දේශීය කිරි සඳහා තරගකාරී වෙළඳපොලක් හඳුන්වා දීමට සහ ජනතාව දියර කිරි පරිභෝජනය සඳහා යොමු කරවීම සඳහා දියර කිරි වෙළඳපොලට හදුන්වාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.
මෙහි එක් පියවරක් ලෙස දියර කිරි පැකැට්ටුවක් නිෂ්පාදනය කර වෙළඳපොලට හඳුන්වාදීමට කටයුතු යොදා තිබේ. පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් පවත්වාගෙන යන කිරි අලෙවි සැල් 150ක් සහ ගොවිපොල සතු වෙළඳසැල් මගින් එම සහන දියර කිරි පැකට්ටුව පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු යොදා තිබේ.
මේ අනුව ලීටර් 1ක කිරි පැකැට්ටුවක් රුපියල් 99ක් වැනි සහන මිලක් යටතේ ජනතාවට ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.
|
|
අවසන් යාවත්කාලීන කිරීම ( 2010 අගෝස්තු 30 වෙනි සදුදා, 15:20 )
|