|
මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 40ක් ගොඩබිමට ගෙනඒමේදී විනාශයි |
|
|
|
|
2010 සැප්තැම්බර් 01 වෙනි බදාදා, 12:15 |
|
(කොළඹ, ලංකාපුවත්) – මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයක් ගොඩබිමට ගෙනඒමේදී විනාශ වන බව ධිවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඒ. ඩී. සී. විජේගුණවර්ධන මහතා පවසයි.
වැරදි අන්දමට දැල් භාවිතා කර මාළු ඇල්ලීම, ශීතාගාරවල මාළු තැන්පත් කිරිමේ දී වැරදි ක්‍රම අනුගමනය කිරීම, අල්ලන ලද මසුන් මුහුදේ වැඩි කාලයක් තබා ගැනීම වැනි වැරදි ක්‍රම හේතුවෙන් මෙම මාළු අස්වැන්න විනාශ වන බව විජේගුණවර්ධන මහතා සඳහන් කරයි.
මෙම විනාශය අවම කර ගැනීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ධීවරයින් දැනුවත් කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය විශේෂ වැඩපිලිවෙලක් යොදා ඇත.
ඒ අනුව එක්ලක්‍ෂ හැට දහසක් පමණ ධීවර ක්ෂේත්‍රයේ නියැලී සිටින සෑම කෙනෙකුටම අදාළ දැනුවත් කිරීම ලබා දෙන බව විජේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
|