බැනරය
බැනරය
ව්‍යාපාරික
සියලු බාධක දුරුකරමින් මාදැල් ධීවර‍යා සුරක්ෂිත කිරීමට පියවර පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 සැප්තැම්බර් 02 වෙනි බ්‍රහස්පතින්දා, 14:13

(කොළඹ, ලංකාපුවත්) – මාදැල් ධීවර කර්මාන්තයට එල්ල වී තිබෙන සියලු බාධක දුරුකරමින් මාදැල් ධීවර‍යා සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එම අමාත්‍යාංශයේ පැවති සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ ධීවර සමූපකාර සමිතියේ නිළධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළේය.
උතුරු නැගෙනහිර පලාත්වල පාරම්පරික ධීවර කර්මාන්තයේ යෙදී සිට ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් එම පලාත් අත්හැර ගිය පාරම්පරික ධීවරයින්ට නැවත එම ප්‍රදේශවල මාදැල් කර්මාන්තයේ යෙදීමට අවකාශ ලබා දෙන බව ඇමති රාජිත සේනාරත්න මහතා එහිදී සඳහන් කළේය.

මාදැල් හිමියන්ට මේවන විට ඇතිවී තිබෙන ගැටළු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ඔවුන්ට අවශ්‍ය ධීවර ආම්පන්න පහසු මිලට ලබා දීම සඳහා අමාත්‍යාංශය යට‍තේ ඇති සීනෝර් පදනම දැනටමත් පියවර ගෙන ඇති බවත් දියවර ණය යෝජනා ක්‍රමය යටතේ අඩු පොළී අනුපාතයක් යටතේ පහසු ගෙවීමේ ක්‍රමයට  ලංකා බැංකුව හරහා ණය ලබා  දීමේ ව්‍යාපෘතියක් ‍මේවන විට ආරම්භ කර ඇතිබවත් හෙතෙම සඳහන් කළේය.

දහනව වැනි ශත වර්ෂයේ අගභාගයේ දී දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් බිහිවූ මාදැල් කර්මාන්තය ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත්තේ 1900 වර්ෂයේදී පමණී. ඒ මීගමුව දූව ධීවර ජනපදය ආශ්‍රිතවය.

ඉන් අනතුරුව මෙම මාදැල් ධීවර කර්මාන්තය මන්නාරම හා කල්පිටිය හරහා උතුරු නැගෙනහිර පළාත් වෙත ව්‍යාප්ත වී අවසානයේ රටපුරා ව්‍යාප්තවිය. මෙම මාදැල් කර්මාන්තය ආශ්‍රිතව ඍජු හා වක්‍ර ලෙස යැපෙන පුද්ගල සංඛ්‍යාව ලක්‍ෂ හතරකට වැඩිය. 

අවසන් යාවත්කාලීන කිරීම ( 2010 සැප්තැම්බර් 02 වෙනි බ්‍රහස්පතින්දා, 14:29 )
 
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>

පිටුව 4 / 295

Ads

wap

Ads