|
රජයට පවරා ගත් වතු තුනකින් භාණ්ඩාගාරයට රු. ලක්ෂ 510 ක් |
|
|
|
|
2009 අප්‍රේල් 02 වෙනි බ්‍රහස්පතින්දා, 15:19 |
|
(කොළඹ-ලංකාපුවත්-අප්‍රේල්02) ඉතිහාසයේ ප‍්‍රථම වතාවට රාජ්‍ය වැවිලි සමාගම් තුනකින් සිය ලාභය ලෙස රුපියල් ලක්ෂ 510ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට හැකිවී ඇති අතර එම මුදල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අරලියගහ මන්දිරයේදී ඊයේ (01)දින භාරදීම සිදුවිය.
කුරුණෑගල(ලක්ෂ 200), හලාවත(ලක්ෂ 300) හා ඇල්කඩුව(ලක්ෂ 10) ක් බැගින් වූ වැවිලි සමාගම් සිය ලාභාංශ ලෙස භාර දුන්හ. පෞද්ගලික අංශයට පවරා දී තිබූ රාජ්‍ය වැවිලි සමාගම් පහක් නැවත රජයට පවරා ගැනීමෙන් අනතුරුව 2008 ජුනි අවසන් වන විට රුපියල් මිලියන 315 ක ලාභයක් වාර්තා කළේය.
ලබන වසර වන විට වැවිලි සමාගම්වලින් රුපියල් මිලියන 100 ත්, 150 ත් අතර මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා දීමට සූදානම් බව සෙමා ආයතනයේ සභාපති චිලී ගමගේ මහතා පවසයි. මේ අවස්ථාවට ජනතා වතු කළමනාකරණ ඇමැති මිල්රෝයි ප‍්‍රනාන්දු සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර බැසිල් රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
|
|
අවසන් යාවත්කාලීන කිරීම ( 2009 අප්‍රේල් 02 වෙනි බ්‍රහස්පතින්දා, 15:53 )
|