|
ලංකා බැංකුවේ ATM ජාලය හරහාවන ගනුදෙනු තාවකාලිකව නතරවේ |
|
|
|
|
2010 සැප්තැම්බර් 03 වෙනි සිකුරාදා, 12:22 |
|
(කොළඹ, ලංකාපුවත්) – ලංකා බැංකුවේ පරිගණක පද්ධතියේ වැඩිදියුණු කටයුතු හේතුකොට ගනිමින් ඒ ආශ්‍රිත බැංකු කටයුතු හෙට(04) රාත්‍රී 10.30 සිට අනිද්දා(05) උදෑසන 08.30 දක්වා තාවකාලිකව අත්හිටවනු ඇත.
ඒ අනුව ලංකා බැංකුවේ සහ වෙනත් බැංකුවල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය හරහා කරන ලංකා බැංකු හර කාඩ්පත් ගනුදෙනු, අන්තර්ජාල බැංකු සේවා සහ SMS බැංකු සේවා තාවකාලිකව අත්හිටුවන බව ලංකා බැංකුව සඳහන් කරයි. |
|
අවසන් යාවත්කාලීන කිරීම ( 2010 සැප්තැම්බර් 03 වෙනි සිකුරාදා, 12:29 )
|