|
සීඝ්‍ර වර්ධනයක් සහිත කලාපයේ හොඳම තොරතුරු තාක්ෂණ වෙළඳපොල ශ්‍රී ලංකාවේ |
|
|
|
|
2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 12:37 |
|
(කොළඹ-ලංකාපුවත්-පෙබරවාරි 03) ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෙළඳපළ කලාපයේ වේගවත්ම වර්ධනය සහිත තොරතුරු තාක්ෂණ වෙළදපොල බව බ්‍රිතාන්‍ය බිස්නස් මොනිටර්ස් ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෙළඳපොල වසර 2013 වන විට ඩොලර් මිලියන 494ක් පමණ වනු ඇති බවද එම ආතනය පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ දශක ගණනක් පැවති වාර්ගික යුද්ධය පසුගිය වසරේ මැද භාගයේදි අවසන් වීමද මෙම වර්ධනයට ඉවහල් වී ඇති බව එමගින් පෙන්වා දෙයි.
2008 වසර වන විට තොරතුරු තාක්ෂණ වෙළඳපළ ඩොලර් මිලියන 254 මට්ටමේ පැවැති අතර රජයේ තොරතුරු තාක්ෂණ සංවර්ධන වැඩ පිළිවෙල මෙම තත්වය තවදුරටත් වර්ධනය කර ඇති බව මොනිටර්ස් ඉන්ටනැෂනල් ආයතනය පෙන්වා දෙයි.
පසුගිය කාලයේ පැවති අයහපත් මුල්‍ය වාතාවරණය හමුවේ පවා ශ්‍රී ලංකා රජය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනයට වැඩි උනන්දුවක් දක්වු අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වය ඇතිවී තිඛෙන බව ආයතනයේ අදහසයි.
වසර 2008 වන විට ඩොලර් මිලියන 196 මට්ටමේ පැවැති පරිඝනක උපාංග වෙළඳපොල 2013 වන විට ඩොලර් මිලියන 368 ඉක්මවනු ඇති බව ද ආයතනය පවසයි.
ශ්‍රී ලංකා රජයේ නිළ වෙබ් අඩවිය ඇසුරිනි.
|
|
අවසන් යාවත්කාලීන කිරීම ( 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 13:46 )
|