|
ඇමති මිලින්දගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වැයවන මුදල් පොදු ජන සේවයට |
|
|
|
|
2010 මාර්තු 12 වෙනි සිකුරාදා, 15:00 |
|
(කොළඹ, ලංකාපුවත්, මාර්තු 12) තම මැතිවරණ ප්‍රචාරක කටයුතු පෝස්ටර්, කටවුට්, රතිඤ්ඤා හෝ පොලිතීන් සැරසිලිවලින් තොරව මහජනතාවට හිරිහැරයක් නොවන ආකාරයෙන් පවත්වා ගනිමින් එයින් ඉතිරිවන මුදල් පොදු, ආගමික හා සමාජයීය සංවර්ධන කටයුතු සඳහා වැය කිරීමට අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා තීරණය කර තිබේ.
එහි පියවරක් ලෙස නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම විහාරස්ථානයේ ප්‍රකාරය ප්‍රතිසංස්කරණය හා තීන්ත ආලේප කිරීම අද (12) සිදු කෙරිණි.
මීට පෙරද මෙම වැඩපිළිවෙල යටතේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ ඓතිහාසික පුස්තකාල ගොඩනැගිල්ලේ හා විහාරස්ථායේ පැරණි ගොඩනැගිලිවල පියැසි හා වහල ප්‍රතිසංස්කරණය කරන ලදී.
ඉදිරියේදි අන්‍ය ආගමික සිද්ධස්ථාන හා පොදු පහසුකම් නැංවිය යුතු ස්ථාන හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීමටද විධිවිධාන යොද ඇති අතර මීට පෙර මැතිවරණ වලදී ද මොරගොඩ මහතා ළමා ක්‍රීඩාංගන ප්‍රතිසංස්කරණය, ළමා හා වැඩිහිටි නිවාස ප්‍රතිසංසකරණය ආදිය සඳහා ප්‍රචාරක කටයුතු වලින් ඉතිරි කර ගත් මුදල් පිරිනමා තිබේ.
|