|
2010 මාර්තු 09 වෙනි අඟහරුවාදා, 14:15 |
|
(කොළඹ-ලංකාපුවත්-මාර්තු09) හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද(09) වැඩි ඡන්ද 69කින් සම්මත විය.
හදිසි නිතිය දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කළ අග‍්‍රාමාත්‍යවරයා සිටියේ, මව්බිමේ ස්වාධීන බව හා ඒකීයභාවයට අභියෝග කරන බලවේග තවමත් මෙරට තුළ කි‍්‍රයාත්මක බවයි.
එහිදී එයට පක්ෂව ඡන්ද 93ක් දුන් අතර විපක්ෂව ලබා ගැනීමට හැකිවූයේ, ඡන්ද 24ක් පමණි.
මහ මැතිවරණය හේතුවෙන් විසුරවා තිබූ පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාමය බලතල අනුව කැඳවීම අද දිනයේදී සිදුවිය.
|