බැනරය
බැනරය
තේ ශක්ති අරමුදලේ කොටස් හිමියන්ට ලාභාංශ බෙදයි පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 ජනවාරි 14 වෙනි බ්‍රහස්පතින්දා, 12:54

(කොළඹ-ලංකාපුවත්-ජනවාරි 14) තේ ශක්ති අරමුදල සතු රුපියල් මිලියන 30.7 ක ලාභ කොටස් එහි සාමාජිකයින් අතර බෙදාහැරීම‍ට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එම ලාභාංශ ලබන පෙබරවාරි මස ඇතුළත බෙදාහැරීමට කටයුතු යොදා ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය දි.මු ජයරත්න මහතා පවසයි.

තේ ශක්ති අරමුදලේ කොටස් හිමියන් 94,000 ක් පමණ සිටිති. අරමුදල සතු කොටස්වල සමස්ත වටිනාකම රු. මිලියන 209 කි. ඉන් 15% ක ‍මුදලක් මෙසේ ‍බෙදාහැරීමට නියමිත බව ඇමතිවරයා කියා සිටී.

2007 වසරේ තේ ශක්ති අරමුදල දියත් කළ විශේෂ ව්‍යාපෘති හරහා ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව අමාත්‍යංශය පවසයි.

තේ ශක්ති අරමුදල මගින් ලාභ කොටස් බෙදාහැරෙන තුන්වැනි අවස්ථාව මෙය වන අතර 2003, 2006 වසරවලදී ලාභාංශ බෙදාහැර ඇති බව අරමුදලේ ප්‍රධාන විධායක නිළධාරී දයා අවිරුප්පොළ මහතා පවසයි.

තේ ශක්ති ව්‍යාපෘතිය යටතේ තේ කම්හල් නවීකරණය කිරීම හා  තේ ශක්ති පොහොර නිෂ්පාදනය ඉහළ මට්ටමට ගෙන ඒම තුළින් සැලකිය යුතු ලාභයක් තේ ශක්ති අරමුදලට ලැබූ බව හෙතෙම සඳහන් කරයි.

තේ ශක්ති අරමුදල ‍යට‍තේ තේ කම්හල් 13ක නිෂ්පාදන කටයුතු සිදු කරයි.

 

Ads

wap

Ads