බැනරය
බැනරය
STC වෙතින් උත්සව සමයට බජට් පැක් එකක් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2009 දෙසැම්බර් 11 වෙනි සිකුරාදා, 15:26

(කොළඹ-ලංකාපුවත්-දෙසැම්බර්11) සෑම විටම පාරිභෝගිකයින් සඳහා සහන සපයන ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව උත්සව සමයේ පාරිභෝගිකයින් වෙනුවෙන් බජට් පැකට්ටුවක් හඳුන්වා දී තිබේ.

මෙම බජට් පැකට්ටු හඳුන්වාදීම සනිටුහන් කරමින් එහි පළමු බජට් පැකට්ටුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවෙත පාරිභෝගික අමාත්‍ය, බන්දුල ගුණවර්ධන මහතා විසින් අද(11)දින අරලියගහ මැදුරේදී පිළිගන්වනු ලැබීය.

මෙම බජට් පැකට්ටුව රතු පරිප්පු, සීනි, සහල්, සැමන්, කඩල ඇතුලු උත්සව සමයට අවශ්‍ය වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහකින් සමන්විතය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා සහභාගී වී සිටියේය.


අවසන් යාවත්කාලීන කිරීම ( 2009 දෙසැම්බර් 12 වෙනි සෙනසුරාදා, 10:47 )
 

Ads

wap

Ads