බැනරය
බැනරය
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ඔප්පු හිමියනට කෝටි 300 ක ප්‍රසාද දීමනා පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2009 දෙසැම්බර් 06 වෙනි ඉරිදා, 14:48

(කොළඹ-ලංකාපුවත්-දෙසැම්බර් 06) රජය‍ට නැවත පවරාගත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් කෝටි 300 කට ආසන්න ප්‍රසාද දීමන‍ාවක් ජීවිත රක්ෂණ හිමියන්ට ලබා දීමට පියවර ගෙන ඇත.

2009 වසර සඳහා වන අතුරු ප්‍රසාද දීමනාවක් ලෙස මෙම දීමනාව රක්ෂණ හිමියන්ට ලැබෙන අතර 2009 නොවැම්බර් 11 වනදා දක්වා වූ ලාභ සහිත ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට නිත්‍ය ප්‍රතිලාභ සහතිකයක් ලෙස මෙය පිරිනැමේ.

තමන් ලබාගෙන ඇති ජීවිත රක්ෂණ ක්‍රමය හා මූලික රක්ෂණ මුදලට අනුව මෙම ප්‍රසාද දීමනාව ඔප්පු හිමියනට හිමිවන බව රක්ෂණ සංස්ථාව පවසයි.

ශ්‍රී ලංකා රක්ෂණ ඉතිහාසයේ ලබාදුන් විශාලතම ප්‍රසාද දීමනාව මෙය වන අතර මේ තුළින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මූල්‍ය ස්ථාවරත්වය සනාථ කෙරෙන බවද එම සංස්ථාව පවසයි.

2008 වසර හා සැසඳීමේ දී 2009 සඳහා රක්ෂණ සංස්ථාව ලබාදෙන මෙම අතුරු ප්‍රසාද දීමනාව 40% ක වර්ධනයකි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ මෙම අතුරු ප්‍රසාද දීමනාවට අමතරව 2009 වර්ෂ අවසාන ප්‍රසාද දීමනාවක් ද රක්ෂණ ඔප්පු ලාභීන්ට හිමිවන බවයි.



 

Ads

wap

Ads