| දිරිය කතුන්ට සම්මාන පිරිනැමීම මාතරදී |
|
|
|
| 2010 මාර්තු 13 වෙනි සෙනසුරාදා, 12:46 | |||
|
(කොළඹ-ලංකාපුවත්-මාර්තු 13) ශ්‍රී ලාංකික ජන සමාජයේ අනාගතය සඳහා දිරිය දුන් කාන්තාවන් පස් දෙනෙකුට හා සමාජ සේවා ක්ෂේත්‍රයේ තිස්පස් වසරක සේවයේ යෙදුණු කාන්තාවකට දිරිය ප්‍රසාදිනී සම්මාන පිරිනැමීම අද ( 13 ) මාතර සවිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වේ. එසේම ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පවත්වනු ලැබු චිත්‍ර, පෝස්ටර් හා රචනා තරඟයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීමත් මෙහිදී සිදුවේ. කාන්තාවන්ගේ අත්කම් ප්‍රදර්ශනයක්, ස්වයං රැකියාවල නිරතවන කාන්තාවන්ට වෙළඳපල හඳුන්වාදීමේ වැඩසටහනක් මෙන්ම නව තාක්ෂණය හඳුන්වාදීමේ සම්මන්ත්‍රණයක්ද අද දින පැවැත්වීමට නියමිතය.
|




















