බැනරය
බැනරය
කොටි සැඟවූ පුද්ගල නාශක බෝම්බ 100ක් සොයා ගැනේ පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මාර්තු 12 වෙනි සිකුරාදා, 14:26

(කොළඹ-ලංකාපුවත්-මාර්තු 12) මන්නාරම හා වව්නියාව ප්‍රදේශවලදී ඊයේ ( 11 ) දිනය පුරා බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් කොටි ත්‍රස්තවාදීන් සඟවා තිබූ පුද්ගල නාශක බෝම්බ සොයා ගෙන ඇත.

මන්නාරම 215 බල සේකාංකයට අයත් කට්ටායිඅඩම්පන් ප්‍රදේශයේදී බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායමක් විසින් පුද්ගල නාශක බෝම්බ 42ක් සොයා ගෙන ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

61 වන සේනාංක බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ඩී.ඩී.ජී බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම පුද්ගල නාශක බෝම්බ 23ක්, අධි බලැති ආර්.පී.ජී බෝම්බ 03ක්, මි.මී 60 මෝටාර් බෝම්බ 02ක්, මි.මී 40 ජී.එල් වර්ගයේ බෝම්බයක් හා මි.මී 81 මෝටාර් බෝම්බයක් සොයා ගෙන ඇති අතර එම්.ඒ.ජී බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම සින්නපන්ඩිවිරිච්චාන් ප්‍රදේශයේදී තවත් පුද්ගල නාශක බෝම්බ 10ක් සොයා ගෙන තිබේ.

එසේම පාලම්පිඩ්ඩි හා නොච්චිකුලම් ප්‍රදේශවලදී එම්.එම්.අයි.පී හා ඩී.ඩී.ජී බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම්වල සාමාජිකයින් පුද්ගල නාශක බෝම්බ 25ක් සොයා ගැනීමට සමත්විය. 

 

Ads

wap

Ads