බැනරය
බැනරය
විදෙස් රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සමඟ තරුණයින් දෙදෙනෙක් පොලිස් දැලේ පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මාර්තු 12 වෙනි සිකුරාදා, 10:46

(කොළඹ-ලංකාපුවත්-මාර්තු 12) අලුත්ගම පොලිස් ස්ථානයේ නිළධාරීන් පිරිසක් විසින් ඊයේ ( 11 ) දහවල් 12.00ට පමණ ගල්හේන ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 26 ක් පමණ වන මෙම සැකකරුවන් දෙදෙනා ගල්හේන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සමග සිටි තවත් සැකකරුවකු පලා ගොස් ඇති අතර මොවුන් යම් අපරාධයක් කිරීම සඳහා සැලසුම් කර තිබුනේද යන්න සම්බන්ධව අලුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.

මෙම සැකකරුවන් අද ( 12 ) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Ads

wap

Ads