බැනරය
බැනරය
මැතිවරණයට කවුරුත් නොකරපු දෙයක් ඇමති මිලින්ද කරයි පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මාර්තු 09 වෙනි අඟහරුවාදා, 13:22

(කොළඹ-ලංකාපුවත්-මාර්තු09) යහපත් පාලනයක් උදෙසා මෙවර මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විසින් ප්‍රධාන කරුණු 12ක් ඇතුලත් න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කරයි.

එම කරුණු අතර මහ ජනතාවට ගරු කරන දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම, පුර නැගුම හා සහන සෙවණ ව්‍යාපෘති, විනිවිදභාවය තුලින් දූෂණ මර්දනය, නීති හා යුත්කිගරුක සමාජයක්, අධ්‍යාපන ‍ෙක්‍ෂ්ත්‍රයේ විප්ලවීය වෙනසක්, ආර්ථික සංවර්ධනය මගින් සැමට සෞභාග්‍ය, ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ විෂමතා දුරු කිරීම, විදේශ ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ඡන්ද වරම්, බලය බෙදීම මගින් සවිගැන්වීම, ගෞරවනීය මහා සංඝරත්නය, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් යන මාතෘකා ඔස්සේ කරුණු දීර්ඝ ලෙස ඉදිරිපත් කර ඇත.

මෙම න්‍යායපත්‍රය පසුගියදා අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විසින් මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් ඇතුළු සියළුම ආගමික නායකයින් වෙත භාරදිම සිදුවිය.

 

Ads

wap

Ads