බැනරය
බැනරය
ගුවන්පුරට නව ගොඩනැගිල්ලක් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මාර්තු 09 වෙනි අඟහරුවාදා, 11:20
(කොළඹ-ලංකාපුවත්-මාර්තු 09) ශ්‍රී ලංකා කොළඹ කඳවුරට අනුබද්ධ ගුවන්පුර පරිශ්‍රයේ පිහිටි ගුවන් හමුදා පෙර පාසලේ ඉදිකෙරුණු නව ගොඩනැගිල්ල ඊයේ    ( 08 ) සිසු අයිතියට පත් කෙරිණි.

මෙම පෙර පාසලට සහභාගිවන ළමුන්ගේ වර්ධනයත් සමග ඇතිවන ඉඩකඩ ප්‍රමාණයේ අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නෙළුම් ගුණතිලක මහත්මියගේ මාර්ගෝපදේශණය යටතේ මෙම පෙර පාසල ජාත්‍යන්තර පෙර පාසලක් බවට 2008 වර්ෂයේදි පත් කෙරිණ.

ඒ සමඟම පෙර පාසලට සහභාගිවන සිසුන්ගේ ප්‍රමාණයද වර්ධනය වී ඇත.

අවසන් යාවත්කාලීන කිරීම ( 2010 මාර්තු 09 වෙනි අඟහරුවාදා, 12:09 )
 

Ads

wap

Ads